Thursday, July 11, 2013

පාලු කලුවර සුලග සමගින් ඔබේ තතු මට කියනවා
දර ගන්නට නොහෙකි දුක් කද මා නිසා ඔබ දරනවා
මුදුකරයේ පාලු කුටියක අපේ හෙට දින හදනවා
සීත කදුකරයේ මම ඔබේ උනුසුම සොයනවා.......

යොදුන් දුර මම ගෙවා ආවෙමි නුබේ නෙතු යුග පතා
සදා මා සතු නවාතෑන්පල නුබම විය සසරේ පුරා
කාලයේ වෑලි තලාවෙන් හෙට මෑකී ගියමුත් අපෙ කතා
මතකයන් පොදි ඉතිරිවනු ඈත සබරගමු සරසවියම පුරා.......

Monday, May 20, 2013

අම්මා පෙව්වෙ අපහට රන් කිරි හින්දා
යුතුකම වගකීම හරිහෑටි දෑන උන්නා          
පාදඩ අමන පාලක නරි ටික දම්මා
S.B නටනවා තොවිලය ගිරි පුම්බා.


Tuesday, March 26, 2013

හුගක් දුර ගිහින්
අතරමන් වුන
මගේ සිතුවිලි එකට කෙටිකොට
තරු රෑන යට යලිත් පුබුදමි
නුබේ උනුසුම ලගට වී......
නින්ඩ නොයෙනා
පාලු ගනදුර
සරසවමි මම ඔබෙ එලියෙන්
මියෙන තුරු හිද
ඔබේ නෙතු යට....

Wednesday, March 20, 2013

සරසවි භීශකයා

සරසවි සිසුන්ගේ දස්කම් ඔපනන්වා
පෙරටම ගෙනවා කිව්වා කට පුම්බා
"අහස යටට" රොක් වන විට අප සෙවොමා
සිසුන් පෙලා හිනහෙනවා සුදු බන්ඩා

Wednesday, March 6, 2013

පුර පසට දි පවස
නිශාමය සරසන්ට
තනිකමට එනු  සබද
තරු රෑන පුබුදන්න